Release
Race Driver Grid 01
Sri Lanka Vs World 🔸මේ ගේම් එක Play කරපු අය ලංකාවේ ඉන්නවනම් ඒ ඉතාම සීමිත සංඛ්‍යාවක්. ඇත්තටම ලංකාවේ ගේම්ස් Play කරන අයගෙන් හුඟ දෙනෙක් මේ ගේම් එකේ නමවත් අහලා නෑ. කොහොම වුනත් ලංකාවේ ප්‍රසිද්ධ නොවුනට අන්තර්ජාතික වශයෙන් යම් ජනප්‍රියත්වයක් ලබා ගන්න මේ ගේම් එකට හැකියාව ලැබෙනවා. Story, Characters & Places 🔹අනාගතයේදී එනම් 2094 වර්ෂයේදී සිදුවන්නාවූ සිදුවීමක් ඇසුරින් තමයි මේ ගේම් එකේ Story එක නිර්මාණය කරලා තිබුනේ. ඒ කාලය වෙනකොට පරිසර දූෂණය නිසා පෘථිවියෙන් භාගයක්ම විනාශ වෙලා තමයි තිබුනේ. පෘථිවිය සම්පුර්ණයෙන්ම විනාශ වීම වලක්වා ගැනීමට පිළියම් සොයමින් සිටින විද්‍යාඥයින් පිරිසක් පෘථිවිය ආසන්නයේ තිබෙන අභ්‍යවකාශ මධ්‍යස්ථානයක පරීක්ෂණ කටයුතු සිදු කරමින් සිටිනවා. හඳුනා නොගත් ග්‍රාහක වස්තුවක් පැමිණ ඔවුන් සිටින අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ හැප්පෙනවා. මේ ඝට්ටනයත් සමඟ අභ්‍යවකාශ මධ්‍යස්ථානයට විශාල හානියක් සිදු වෙනවා. 🔸එම ඝට්ටනයෙන් පසු ග්‍රාහක වස්තුව විසින් Zytron නැමැති දීප්තිමත් වායුවක් මේ අභ්‍යවකාශ මධ්‍යස්ථානය පුරා පතුරවනවා. මේ වායුවට නිරාවරණය වුනු අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ තියෙන හැම රොබෝ යන්ත්‍රයකම අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය වෙනස් වෙලා ප්‍රචණ්ඩකාරීව හැසිරෙන්නට පටන් ගන්නවා. අභ්‍යවකාශ මධ්‍යස්ථානය විනාශ කරමින් සිටින මෙම රොබෝ යන්ත්‍ර නැවැත්වීම සඳහා පෘථිවියේ තිබෙන ඔවුන්ගේ ප්‍රධාන මූලස්ථානයෙන් උදව් ලබා ගැනීමට විද්‍යාඥයින් තීරණය කරනවා. 🔹කොහොම හරි විද්‍යාඥයින් විසින් මෙම Zytron වායුවේ සාම්පලයක් පෘථිවියේ තිබෙන ඔවුන්ගේ ප්‍රධාන මූලස්ථානයට යවනවා. ඉන්පසු ප්‍රධාන මූලස්ථානය විසින් මේ Zytron වායුවේ බලපෑම නිසා අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය වෙනස් නොවන A.R.E.S. නැමැති Advanced රොබෝ කෙනෙක්ව නිපදවලා එම රොබෝව අභ්‍යවකාශ මධ්‍යස්ථානයට එවනවා. 🔸අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිරවී සිටින විද්‍යාඥ කණ්ඩායම ඇතුළු පිරිස මුදා ගැනීමට සහ පෘථිවියට Zytron රොබෝවරුන් පැමිණීම වැලැක්වීම සඳහා තමයි A.R.E.S. ව මේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයට එවන්නේ. ඇත්තටම මේ A.R.E.S තමයි මේ ගේම් එකේ ප්‍රධාන චරිතය වුනේ. A.R.E.S. විසින් මෙම Zytron රොබෝවරුන් සමඟ සිදු කරන්නාවූ සටන් සහ ක්‍රියාදාමයන් ඇසුරින් තමයි මේ ගේම් එකේ Gameplay එක නිර්මාණය කරලා තිබුනේ. ... Gameplay 🔹ගේම් එකේ ඉදිරියට යනවිට A.R.E.S ගේ Armor එක වැඩි දියුණු කිරීම ක්‍රීඩකයා විසින් සිදු කල යුතුයි. මේ හරහා නව හැකියාවන් Unlock කරගැනීමටත් Armor එකේ පෙනුම අලුත් කරගැනීමටත් ක්‍රීඩකයාට අවස්තාව ලැබෙනවා. එසේම A.R.E.S. සතුව තිබුනු සාමාන්‍ය ආයුධ වලට අමතරව එකවර සතුරන් විශාල ප්‍රමාණයකට පහර දිය හැකි Vakyl Cannon නැමැති විශේෂ අවියක් භාවිතා කිරීමේ අවස්තාවත් මේ ගේම් එක මඟින් ක්‍රීඩකයාට ලබා දීලා තිබුනා. 🔸ඒ වගේම විනාශ කල Zytron රොබෝවරුන්ගේ කොටස් යොදාගෙන නව ආම්පන්න සාදාගැනීමටත්, එම කොටස් යොදාගෙන ආයුධ වැඩි දියුණු කරගැනීමටත් ක්‍රීඩකයාට අවස්තාව හිමිවුණා. එසේම මේ ගේම් එකේ තියෙන Data Cubes එකතු කරගැනීමත් ක්‍රීඩකයා විසින් අනිවාර්යයෙන්ම කල යුතු දෙයක්. ඒ හරහා චරිත සහ සතුරන් පිලිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගන්නත්, A.R.E.S. ගේ හැකියාවන් වැඩි දියුණු කරගන්නත් හැකියාව ලැබෙනවා. Special Facts 🔸විනෝදකාමී ක්‍රීඩාවක් වුනු මේ ගේම් එකට Positive Reviews තමයි වැඩිපුර ලැබුනේ. ඒ වගේම ඒ දවස්වල තිබුනු හොඳම Platform Shooter ගේම්ස් වලින් එකක් වෙන්නත් මේ ගේම් එකට හැකියාව ලැබුනා. ඇත්තටම මේ ගේම් නිර්මාණය කිරීම සඳහා 2D සහ 3D අතර මැද තිබෙන 2.5D තාක්ෂණය තමයි යොදාගෙන තිබුනේ. 🔹Extend ආයතනය විසින් මේ ගේම් එකට ඉස්සෙල්ලාම දාපු නම තමයි Trash Man කියන නම. නමුත් පසුකාලයේදී ඒ නම වෙනස් කරලා A.R.E.S. Extinction Agenda කියන නම භාවිතා කරන්න ඔවුන් තීරණය කලා. ඒ දවස්වල තිබුනු අනෙකුත් Platform Shooter ගේම්ස් එක්ක බලද්දී මේ ගේම් එකේ Gameplay එක ටිකක් දිගයි. ඇත්තටම මේ ගේම් එකේ Missions හුඟක් තිබුනා. කොහොම වුනත් මේ ගේම් එකේ Art Work එකට සහ Soundtrack එකට හිතුවටත් වඩා හොඳ ප්‍රතිචාර ලැබුනා. මේ ගේම් එකේ Soundtrack එක ඒ දවස්වල මේ ගේම් එක Play කරපු අය අතර හුඟක් ප්‍රසිද්ධ වුණා. Awards 🔸XNA Engine එක Promote කිරීම සඳහා 2010 වර්ෂයේදී Microsoft ආයතනය විසින් පවත්වපු Dream, Build, Play නැමැති සම්මාන උලෙළේ දී වසරේ දෙවන හොඳම ස්වාධීන වීඩියෝ ක්‍රීඩාවට [ Second Best Independent Video Game ] හිමි රිදී සම්මානය දිනා ගන්නත් මේ ගේම් එකට හැකියාව ලැබුනා. Downloadable Contents & Remake Edition 🔹පසුකාලයේදී A.R.E.S Extinction Agenda : Complete Edition නැමැති DLC Pack එකක් මේ ගේම් එක වෙනුවෙන් Release කරලා තිබුනා. ඒ වගේම 2014 වර්ෂයේ ඔක්තෝබර් මාසයේදී වැඩි දියුණු කරන ලද Graphics වලින් සහ Gameplay එකකින් සමන්විත වුනු මේ ගේම් එකේම Remake Edition එක A.R.E.S. Extinction Agenda EX නමින් Release වුනා. අලුත් චරිත සහ අලුත් Missions කිහිපයක් මේ Remake Edition එකට අලුතින් එකතු කරලා තිබුනා.